Honda Hornet 250

පොඩි විස්තරයක් Honda Hornet ගන්න ඉන්න කට්ටියට..


Honda hornet 250 කිව්වම ලන්කාවෙ ඉන්න ඕනි කොල්ලෙක් දන්නවනෙ මොකක්ද bike එක කියලා..

මන් මේ විස්තරෙ ලියන්නෙ අලුතෙන්ම hornet එකක් ගන්න හිතන් ඉන්න කට්ටියට...
ඕන කොල්ලෙක් ආසයි  hornet එකක් පදින්න.. මොකද hornet කියන්නෙ 250cc class එකෙ දානට ලන්කාවෙ තියන supirima bike එක.. මේක 4 cylinder bike එකක්.. ඉතින් හිතාගන්න පුලුවන්නෙ කොහොම power එකක් මේ bike එකක් තියනවද කියල.. 249cc engine එකෙන් 29kw power එකක් දෙනව.. ඒ කියන්නෙ ලොකු power එකක්.. ඒ කියන්නෙ kawasaki ninja 300, KTM duke 390 bike එකකටත් වඩා powerfull..

Bike එක අලුතෙන්ම ගන්න කෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ bike එක පදින්න අමාරුද කියන එක.. මේක 168kg බරයි.. ඒ කියන්නෙ අනිත් bike වලට වඩා බරයි.. ඒ උනාට පට්ට balance.. මේකෙ tyre 2 අනිත් එවට වඩා ගොඩාක් ලොකුයි.. Rear tyre 180/55/17, Front tyre 130/70/16.
Tyre 2ක ලොකු නිසා පට්ට balance.

Hornet එකේ pickup එක කොහොමද කියල බලමු.. මේක පට්ට power bike එකක්.. මේකෙ 1st gear එකෙන් 80 ට විතර pickup කරන්න පුලුවන්. මම hornet එකේ 160 ට ගිහින් තියනවා. මේකෙ ලොකු pickup එකක් අවාට wheal කරන්න අමාරුයි.. මේක හදල තියෙන්නෙ wheal වෙන්නෙ නති විදියට engine එක ගොඩක් ඉස්සරහට බර කරලා.. ඒත් ලොකු rpm එකකට rece කරලා wheal එකක් ගහන්න පුලුවන්..
Bike එකෙ සද්දෙ නම් සුපිරි කියල දන්නව නෙ..
Bike එක පදින්න නම් ටිකක් පුරුදු වෙන්න ඔනි. ගත්ත ගමන් නවන්න එහෙම යන්න එපා. මොකද bike එක ගොඩක් බරයි.. crash bar එහෙම මොකුත් න. පෙරලුනොත් එහෙම කකුල ඉවරයි.. ගත්ත ගමන් ඉගිල්ලෙන්න යන්න එහෙම එපා. ටිකක් හුරු වෙනකන් හෙමිට පදින්න.. මෙක normal bike එකක් නෙවෙයි. පට්ට speed.. ටික ටික නවන්න පුරුදු වෙන්න.. මෙක ඉතින් බිම ගාවන්නම නවන්න පුලුවන්. මෙකෙ පට්ට brack system එකක් තියනවා.. Rear and Front double disk breack තියෙන්නෙ. ABS නොමත.. breakes නම් supiri..

තව තියන ප්‍රශ්නයක් තමයි තෙල් කරන්නෙ කොහොමද කියන එක.. ලන්කාවෙ එවුන්ගෙ බොරු මතයක් තියනවා hornet වල තෙල් කරන්නා කියල.. ඔය bike ගන්න බරි උන් හදන කතා. Bike එකේ හොදට තෙල් කරනවා.. town එක අතුලෙ නම් 20-25ත් අතර වගේ තෙල් කරනව.. දුර යනකොට 30න් උඩ තෙල් කරනවා. Sensor carb එකක් තියන hornet වල normal 35ක් වගේ කරනවා.. දුර යනකොට නම් 40ක් වගෙ කරනවා..
Bike එකක් ගන්නවා නම් අඩු ගනන් වලට හොයන්න එපා. අඩු ගනන් වලට තියන එවා නම් ඉතින් ලෙඩ තමයි...
Honda Hornet 250 Honda Hornet 250 Reviewed by Unknown on 12:25 AM Rating: 5

No comments